ප්‍රීමා තිරිඟු පිටි මිල ඉහළට - බේකරි නිෂ්පාදන මිලත් වැඩිකිරීමේ සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

ප්‍රීමා තිරිඟු පිටි මිල ඉහළට - බේකරි නිෂ්පාදන මිලත් වැඩිකිරීමේ සූදානමක්

ප්‍රීමා තිරිඟු පිටි මිල ඉහළට - බේකරි නිෂ්පාදන මිලත් වැඩිකිරීමේ සූදානමක්

ප්‍රීමා සමාගමේ නිෂ්පාදිත සෑම  තිරිඟු  පිටි කිලෝවක්ම අද (06) සිට රු 5.50 කින් ඉහළ දමන්නැයි එම සමාගමේ පාලන අධිකාරි මගින් දිවයිනේ සියලුම ප්‍රීමා පිටි ඒජන්තවරුන්ට දැනුම් දී තිබෙනවා.



මේ අනුව අද සිට ප්‍රීමා  තිරිඟු  පිටි කිලෝවක මිල රුපියල් 92 ක්.

 

පිටි මිල ඉහළ යාමට හේතුව සමාගම විසින් මෙතෙක්  දැනුම් දී නොමැති අතර වෙළදපොළේ  තිරිඟු  පිටි කිලෝවක් සදහා පාලන මිලක් පාරිභෝගික සේවා අධිකාරිය මගින්  ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

තිරිඟු  පිටි වැඩිවීමට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යන බව බේකරි  හිමියන් පවසනවා

 

ප්‍රීමා සමාගම විසින් ඉකුත් ජුලි මස 16 වැනි දින  තිරිඟු  පිටි කිලෝවක මිල රු 8 කින් ද ඉහළ  දමා තිබුණා.

views

676 Views

Comments

arrow-up