තේ කම්හලක් ගින්නකින් විනාශවෙයි

ආඩාරදෙණිය තේ කම්හල් සමුහයට අයත් නෙළුව දුලිඇල්ල තේ කම්හලේ දර මඩුවේ අද (15) අලුයම ඇතිවු ගින්නකින් දර මඩුව සම්පුරණයන්ම විනාශවි ඇතැයි පොලිසිය පවසයි.
අලුයම 12.30ට පමණ ගින්න හටගෙන ඇති අතර සේවකයන් හා ප්‍රදේශවාසින් එක්ව මේ වනවිට ගින්න නිවා දමා ඇති අතර කම්හලේ දර ලිප හරහා ගින්න හට ගෙන ඇතැයි සේවකයෝ පැවසුහ. ගිනි ගැනිමෙන් කම්හලට සිදුව ඇති පාඩුව මෙතෙක් ගණනය කර නැත.
මෙහිදි කිසිවෙකුටත් බර පතල තුවාල හෝ ජිවිත හානි සිදුව නැත.
221 Views
Comments