පස් හැවිරිදි සිඟිති දැරිය කෙළෙසූ 14 හැවිරිදි දරුවා පරිවාසයට - විත්තිකාර දරුවාගේ පරිහාණයට දුරකථනය හේතු වෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

පස් හැවිරිදි සිඟිති දැරිය කෙළෙසූ 14 හැවිරිදි දරුවා පරිවාසයට - විත්තිකාර දරුවාගේ පරිහාණයට දුරකථනය හේතු වෙලා

පස් හැවිරිදි සිඟිති දැරිය කෙළෙසූ 14 හැවිරිදි දරුවා පරිවාසයට - විත්තිකාර දරුවාගේ පරිහාණයට දුරකථනය හේතු වෙලා

වයස අවුරුදු 5ක කුඩා දැරියක් අතවරයට ලක්කළ සිදුවීමක් සම්බන්ධයෙන් ඊට අදාළ 14 හැවිරිදි දරුවෙකු පරිවාස භාරයට පත් කරමින් සැකකාර දරුවාගේ මව අධිකරණයට කැඳවා දෙමාපියන්ගේ ක්‍රියා කලාපය ඉතා දෝෂ දර්ශනයට ලක් කරමින් අන්තර්ජාලයෙන් දරුවන් අධ්‍යාපනයේ යෙදී සිටින අතරතුර සිදුකරන දේ පිළිබඳ දෙමාපියන් සුපරික්‍ෂාකාරී නොවුවහොත් දරුවන්ගේ පරිහාණියට දෙමාපියන් වගකිවයුතු බවත් මොනතරම් කටයුතු තිබුණත් දරුවාගේ කටයුතු හා දරුවාගේ කටයුතු පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අවධාරණය කළාය.

 

පසුගිය අගෝස්තු මස පවුල් ආරවුලක් නිසා සැකකාර දරුවා හා ඔහුගේ 11 වියැති බාල සොයුරා වින්දිත දැරිය පදිංචිව සිටින මිත්තණියගේ නිවසට ගොස් සිටියදී එම නිවසේ දිවි ගෙවමින් සිට ඇති වයස අවුරුදු 5 යි මාස 10ක දැරියක් අවස්ථා දෙකකදී දූෂණය කල ඇති බව හා නිරන්තරයෙන් අපයෝජනයට ලක්ව තිබූ බව පොලිසියට ලද පැමිණිල්ලක දක්වා තිබුණි.

 

එසේම කොවිඩ් ව්‍යසනයෙන් රට වසා දැමීමට පෙර පාසැල් පැවැත්වූ සමයේ සැකකාර දරුවාගේ පාසලේ ඉගෙනුම ලබන වැඩිමහල් සිසුන් කිහිපදෙනෙකු ගූගල් සහ යූටියුබ් සෙවුම් මාධ්‍ය ඔස්සේ අසැබි දර්ශන නැරඹිය හැකි බවට ලබාදුන් උපදෙස් මත සැකකාර දරුවා සිය ටැබ් පරිගණකය මඟින් එම අසැබි දසුන් මාස තුනක පමණ කාලයක් නරඹා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් තම මවගේ සොහොයුරාගේ අවුරුදු 05ක දැරිය සමඟ සෙල්ලම් කරමින් එම අසභ්‍ය දසුන්වල ඇති දෑ අත්හදා බැලූ බව සැකකාර දරුවා පවසන බවත් පරිවාස නිලධාරිනිය සඳහන් කළාය.

 

එමෙන්ම සුදුසු භාරකාරීත්වයකට පැවරීම වෙනුවෙන් විමර්ශනය කරන තුරු දරුවා පරිවාස ළමා නිවසේ රැඳවීමට නියෝග කරන මෙන් ඉල්ලා සිටියාය. 

 

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය සැකකාර දරුවාගේ මව කැඳවා දරුවන් අන්තර්ජාලය මඟින් කරන ගනුදෙනු පිළිබඳව දෙමාපියන් ලෙස දක්වා තිබෙන නොසැලකිල්ල හේතුවෙන් තමන්ගේ දරුවාගේ අනාගතය තමන් විසින්ම විනාශ කරගෙන ඇති බව අවධාරණය කළාය. එසේම දරුවෙකු එම වයසේදී මෙවැනි තත්ත්වයකට පත්වීමට දෙමාපියන් සෘජුව වගකිවයුතු බවත් දරුවන් යනු දෙමාපියන් විසින් මෙහෙයවිය යුතු පිරිසක් බවත් පැවසුවාය.

views

1420 Views

Comments

arrow-up