OCT
06
මුල්ගම්පල රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

මහනුවර මුල්ගම්පල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ මියගිය තරුණියගේ මව සහ සොහොයුරා ද රෝහල් ගත කර තිබේ.
වෑන් රථයක් විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි මොවුන් තිදෙනාව යට කරගෙන ගොස් මෙම අනතුර සිදුව තිබේ.
263 Views
Comments