සෙරමික් නිෂ්පාදන ආනයනයට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

සෙරමික් නිෂ්පාදන ආනයනයට අවසර

සෙරමික් නිෂ්පාදන ආනයනයට අවසර

තෝරා ගත් සෙරමික් නිෂ්පාදන කිහිපයක ආනයන සීමා ලිහිල් කරම්න් මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂගේ අත්සනින් 2021 පෙබරවාරි 11 වැනිදා නිකුත් කළ 2214/56 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා

 

ඒ අනුව අදාළ නියෝගයේ දැක්වෙන වර්ගීකරණයන්ට අයත්, ශීර්ෂ අංක 69.06 යටතේ එන

පිඟන් මැටි පයිප්ප,

නළ වැස්ම,

පීලි ද්‍රව්‍ය සහ පයිප්ප වෑද්දුම් සහ වර්ගීකරණ ශීර්ෂ අංක 69.10 යටතේ එන

පිඟන් මැටි සොරොව්,

සෝදන බේසම්,

සෝදන බේසම් පාදස්තල,

නාන බඳුන්,

බිඩේ,

දිය වැසිකිළි තැටි,

දොර ටැංකි,

කැසිකිළි භාජන හා ඒ හා සමාන සෞඛ්‍යාරක්ෂක සවිකරන ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

 

මීට පෙර 2021 පෙබරවාරි 02 වැනිදා මුදල් ඇමැතිවරයාගේ නියමයෙන් සෙරමික් නිෂ්පාදන ආයතනය සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ නමුත් පැය 24ක් ඇතුළත ආනයන අපනයන පාලකවරියගේ නියෝගයකින් එම ගැසට් නිවේදනය අවලංගු කෙරිණි.

views

835 Views

Comments

arrow-up