කෝටියක් වටිනා හෙරොයින් පැකට් කරමින් සිටියදී තරුණ යුවලක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

කෝටියක් වටිනා හෙරොයින් පැකට් කරමින් සිටියදී තරුණ යුවලක් අත්අඩංගුවට

කෝටියක් වටිනා හෙරොයින් පැකට් කරමින් සිටියදී තරුණ යුවලක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 898 සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මහබාගේ වැලිසර ආශ්‍රිත ප්‍රදේශයේදීයි පොලීසිය සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

 

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් පැකට් වල අසුරමින් සිටි බව පොලිසිය සඳහන් කළා.

 

ඔවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන්නන්.

 

දෙදෙනාම අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

 

 

 

views

556 Views

Comments

arrow-up