පොලිස් නිලධාරීන්ට සිදු වූ අසාධාරණකම් සහ අඩුපාඩු සොයා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

පොලිස් නිලධාරීන්ට සිදුවූ අසාධාරණකම් සහ අඩුපාඩු සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබෙනවා.
කමිටු නිර්දේශ ලැබීමෙන් පසුව පොලිස් නිලධාරීන්ගේ අහෝසි වී ගිය බටා මුදල නැවත ලබා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.
අහිමි වී ගිය අවස්ථාවේදී තිබූ මුදලට වඩා බටා මුදල වැඩි කිරීමට අවධානය යොමු කැර ඇතැයි ද ඒ මහතා පැවසුවා.
ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ලැබෙන ආහාර දීමනාව ද ඉදිරියේ දී පොලිස් නිලධාරීන්ට ද ලබාදීම සඳහා අවධානය යොමු කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
744 Views
Comments