NOV
26
කළුතර සහ බේරුවල PHI ලා රාජකාරීවලින් ඉවත්වෙයි

කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්තව සේවය කල සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබෙනවා .
ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ ස්ථාන මාරුකර තිබූ වෛද්‍යවරයෙකු යළිත් වරක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සඳහා අනුයුක්ත කිරීමට විරෝධය පළ කිරීමටයි.
කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව සිදුකරනු ලබන PCR පරීක්ෂණ කටයුතුවලට ද මේ හේතුවෙන් බලපෑම් සිදුව ඇති බව සඳහන් .
746 Views
Comments