“අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතුයි” - නව අමාත්‍ය මණ්ඩලයට ජනපතිගෙන් ඔවදනක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

“අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතුයි” - නව අමාත්‍ය මණ්ඩලයට ජනපතිගෙන් ඔවදනක්

“අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතුයි” - නව අමාත්‍ය මණ්ඩලයට ජනපතිගෙන් ඔවදනක්

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

 

අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම බලය ආරක්ෂා කරගැනීමට නව අමාත්‍යවරු නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවය.

 

දීර්ඝ කාලයක් දරන ලද වෙහෙස, ජනතා අපේක්ෂාවන් යන සියල්ල සාර්ථක කරගැනීමේ දී යහපත් ආණ්ඩුකරණයක් තිබිය යුතු බව ද ජනාධිපතියා පැවසීය.

 

"ජයග්‍රහණය විශාල වගේම ඒ ජයග්‍රහණයෙන් අප වෙත පවරා ඇති වගකීම් ඒ හා සමානව බරයි." යනුවෙන් ද ජනාධිපතිවරයා කියා සිටියේය.

 

ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම වෙනස් වූ බවත් තව දුරටත් බෙදීමේ දේශපාලනයක් අවශ්‍ය නොවන බව මෙවර මැතිවරණයෙන් පෙන්නුම් කළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

 

ජාතික ජන බලවේගයට ශක්තිමත් ජන වරමක් ලබාදීමට උත්සාහ ගත් සියලු ජනතාවට ස්තූති වන්ත වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

 

ජාතික ජන බලවේගයේ අභිලාෂයන් මුදුන්පත් කරගැනීමේ දී සියලු ජනතාවගේ සහාය අවශ්‍ය වන බවත් පැවසු ජනාධිපතිවරයා, පරාජිතයාගේ හිත රිදවන ඉතිහාසය වෙනස් කළ බවත් අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ බවද කියා සිටියේය.

 

ජනතාව වෙත මතය ගෙන යෑමේ දී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ තරුණ ප්‍රජාවට හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙවර මැතිවරණයට විශාල දායකත්වයක් හිමිවූ බවත් ඔවුන් සියලුදෙනාට ස්තූතිය පුදකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

views

150 Views

Comments

arrow-up