ප්‍රධාන ජනපති අපේක්ෂකයින් ඡන්දය දැමූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

ප්‍රධාන ජනපති අපේක්ෂකයින් ඡන්දය දැමූ හැටි

ප්‍රධාන ජනපති අපේක්ෂකයින් ඡන්දය දැමූ හැටි

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරු 10.00ට පමණ පංචිකාවත්ත අබයසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

 

ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරය හි පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

 

සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ රාජගිරිය කොටුවේගොඩ විවේකාරාමය පුරාණ විහාරයේ චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

 

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විජයදාස රාජපක්ෂ මහතා ද අද පෙරවරුවේ නාවල වික්‍රමසිංහාරම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

 

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින දිලිත් ජයවීර මහතා ද අද පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

 

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විදුහලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.

views

192 Views

Comments

arrow-up