එකම පවුලේ අයියා සහ මල්ලි පැහැර ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

එකම පවුලේ අයියා සහ මල්ලි පැහැර ගනී

එකම පවුලේ අයියා සහ මල්ලි පැහැර ගනී

ගල්ගමුව - ඇහැටුවැව - දිවුල්ගනේ ප්‍රදේශයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන යෑමේ පුවතක් වාර්තා වේ.

 

පෙරේදා (29) සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති අතර, පැහැරගැනීමට ලක් වී අත්තේ 5 හැවිරිදි සහ 15 හැවිරිදි සහෝදරයන් දෙදෙනෙකි.

 

මෙසේ පැහැර ගැනීමට හේතුව වැඩිමල් සොහොයුරා විසින් පැහැරගැනීම සිදුකළ පිරිසගේ මිතුරකුගේ බිරිඳට මුහුණු පොත ඔස්සේ පණිවිඩ යොමු කිරීම බව අනාවරණය වී ඇත. පසුව එම දරුවා ඉද්දෑව ප්‍රදේශයේ මාර්ගයක දමා ගොස් ඇත.

 

 මේ වනවිට ඇහැටුවැව පොලිසිය විසින් මෙම පැහැරගැනීමට අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වන දා තෙක් රිමාන්ඩ් කර ඇත.

 

views

237 Views

Comments

arrow-up