ලු‍ණු ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

ලු‍ණු ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවයි

ලු‍ණු ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවයි

ලුණු ආනයනය කිරීමට අදාළව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබේ.

 

රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග 2025 වසරේ පළමු කාර්තුවේ දී ලුණු හිඟයක් ඇතිවිය හැකි බවට නිරීක්ෂණයවීම හේතුවෙන් අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණි.

 

2025 වසරේ ජනවාරි මස 31 වනදා ට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් එම ලුණු ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මගින් වෙළෙඳපොළට සැපයීම සඳහා එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙනු ලැබීය.

 

ඒ අනුව ලුණු ආනයනය කිරීම සඳහා සුදුසුකම්ලත් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

 

ටෙන්ඩර් කැඳවීම පසුගිය 21 වනදා ආරම්භ කර ඇති අතර ජනවාරි මස 02 වැනිදා දක්වා ඒ සඳහා කාලය ලබා දී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

ලුණු ඍජුව ආනයනය කිරීම සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් අවසර ඉල්ලා තිබුණ ද එම කටයුතු රජයේ පාර්ශවයෙන් සිදුකිරීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර ඇත.

 

කෙසේවෙතත් ලුණු ආනයනය කිරීම සඳහා ජනවාරි මස 31 වනදා දක්වා පමණක් කාලය ලබා දී ඇති බැවින් ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පසු එම කටයුතු සඳහා ඉතිරිව පවතින්නේ ඉතා කෙටි කාලයක් වන බැවින් එම කාලය තුළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම ප්‍රායෝගිකව දුෂ්කර ක්‍රියාවක් බවත් කර්මාන්තකරුවන් පෙන්වාදෙයි.

 

නියමිත කාලයට පෙර ලුණු ආනයනය කිරීමට නොහැකි වුවහොත් ලුණු ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන සඳහා බාධා ඇතිවීමේ තත්ත්වයක් ද උද්ගත විය හැකි බව ඔවුන් පෙන්වාදෙයි.

 

ඇතිවිය හැකි තත්ත්වය පාලනය කිරීම සඳහා ලුණු ආනයනය ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පවසයි.

views

132 Views

Comments

arrow-up