DEC
17
ජනපති අනුර ඉන්දීය ජනපතිනිය හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය හමුවී තිබේ.
රාෂ්ට්‍රපති භවන්හිදී එම හමුව සිදුව ඇත.
මෙම හමුවේදී ඉන්දීය ජනාධිපතිවරිය, පවසා ඇත්තේ, සමීප සහ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන ප්‍රයත්නයන් සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බවය.
මෙහිදී ජනාධිපතිවරයාට උපහාර පිණිස භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබුණි.
155 Views
Comments