ශ්‍රී පාද වන්දනා සමය අරඹමින් - මල් තිස් ලක්‍ෂයකින් ශ්‍රී පාද උඩමළුව විචිත්‍රවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ශ්‍රී පාද වන්දනා සමය අරඹමින් - මල් තිස් ලක්‍ෂයකින් ශ්‍රී පාද උඩමළුව විචිත්‍රවත් වෙයි

ශ්‍රී පාද වන්දනා සමය අරඹමින් - මල් තිස් ලක්‍ෂයකින් ශ්‍රී පාද උඩමළුව විචිත්‍රවත් වෙයි

2024-2025 ශ්‍රී පාද වන්දනා වාරයේදී ශ්‍රීපාද උඩමළුව විචිත්‍රවත් මල්පෙති ලක්ෂ තිහකින් වර්ණවත් කිරීමට නුගේගොඩ ‘කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි’ ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත ද සිල්වා යන සහෝදරයින් මූලිකත්වයෙන් කටයුතු කර තිබුණි.

 

ඇස්තුමේනියා, කපුරු ඇතුළු මල් වර්ග ගණනාවක මල්පෙති සහ පිච්ච මල් යාර හත්දහසක් මෙවර ශ්‍රී පාද උඩමළුව සැරසීම සඳහා යොදාගත් බව නිශාන්ත ද සිල්වා මහතා කියා සිටියේය.

 

 

උඩමළුව අලංකාර කිරීමට භාවිත කළ මල් නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් බවත්, එම මල් ශ්‍රීපාද උඩමළුව දක්වා රැගෙන ගොස් සැරසීමට තම සමාගමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සියයකට ආසන්න පිරිසක් උපකාර කළ බවත්, මෙවර ශ්‍රී පාදස්ථානය මලින් සැරසුවේ 28 වෙනි අවස්ථාවට බවත් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

 

මීට අමතරව ශ්‍රීපාද පද්මය සුවඳ පැනින් දෝවනය කිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය තම සමාගම විසින් ලබාදුන් බවත්, ගෞතම ශ්‍රීපාද උඩමළුව මලින් සැරසීමට ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ පූර්ණ ආශිර්වාදය ලැබුණු බවත් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

views

114 Views

Comments

arrow-up