මවගේ අනියම් සැමියාගෙන් කුඩා දැරිය දූෂණයවෙයි - මව සැකකරු සමඟ ප්‍රදේශයෙන් පළායයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

මවගේ අනියම් සැමියාගෙන් කුඩා දැරිය දූෂණයවෙයි - මව සැකකරු සමඟ ප්‍රදේශයෙන් පළායයි

මවගේ අනියම් සැමියාගෙන් කුඩා දැරිය දූෂණයවෙයි - මව සැකකරු සමඟ ප්‍රදේශයෙන් පළායයි

බිබිල, -කුරුවාඹ ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි කුඩා දැරියකට මවගේ අනියම් සැමියා විසින් ලිංගික අතවර සිදුකිරීමේ සිදුවීමක් වාර්තාවන බව බිබිල පොලිසිය පවසයි.

 

අතවරයට ලක්වූ එම දැරිය තම ඥාතියෙකුගේ මාර්ගයෙන් සිද්ධිය සම්බන්ධව බිබිල පොලිසියට පැමිණිලි කර තිබේ. 

 

මේ වන විට දැරියගේ මව සහ ඇගේ අනියම් සැමියා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 

 

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බිබිල මූලික රෝහලට ඇතුලත්කොට ඇති අතර බිබිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

6940 Views

Comments

arrow-up