ඩෙල්ටා සමග සටන් වදින ඕස්ට්‍රේලියාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ඩෙල්ටා සමග සටන් වදින ඕස්ට්‍රේලියාව

ඩෙල්ටා සමග සටන් වදින ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා හා ක්වින්ස්ලන්ඩ් යන ප්‍රාන්තවල ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා එරට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටියි.

 

 


නිව් සවුත් වේල්ස්හි සිඩ්නි ප්‍රදේශයේ මිලියන පහකට අධික ජනතාවක් මේ වනවිටත් සති හයක කාලයක් පුරා දැඩි අගුලු දැමීමක සිටියදීත් ආසාදිතයින් 262ක් වාර්තා විය.


නීති රීති හා සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසත් අත්‍යවශ්‍ය කරුණකට පමණක් නිවසින් බැහැර වන ලෙසත් නිව් සවුත් වේල්ස්හි මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් පවසා සිටියේය.

 


මෙම සතියේ මුල් දින හත තුළ වික්ටෝරියා ප්‍රාන්තය දැඩි අගුලු දැමීමකට යටත් කළ නිසා එයින් කොවිඩ් ආසාදිතයින් 11ක් පමණක් වාර්තා වී ඇත.

views

887 Views

Comments

arrow-up