දරුවෙක් බේරා ගැනීමට ගිය 30ක් ළිඳට වැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

දරුවෙක් බේරා ගැනීමට ගිය 30ක් ළිඳට වැටෙයි

දරුවෙක් බේරා ගැනීමට ගිය 30ක් ළිඳට වැටෙයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ විධීෂා දිස්ත්‍රික්කයේ ගම්මානයක තිබූ ගැඹුරු ළිඳකට වැටුනු ළමයෙක් බේරාගැනීමට පැමිණි පුද්ගලයන් තිස්දෙනෙකු පමණ එම ළිඳ මත තිබූ ආවරණය ඔවුන්ගේ බරට කැඩී යාමෙන් ළිඳට වැටී ඇති බව වාර්තා වේ.

 


අඩි 20ක් පමණ ජලය පිරී තිබූ අඩි 50ක් පමණ ගැඹුරු මෙම ළිඳෙන් පුද්ගලයන් 19 දෙනෙකු බේරාගෙන ඇති අතර ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකවන බව ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ශිව්රාජ් චව්හාන් කියා සිටියේය.

 


තවදුරටත් ඔහු කියා සිටියේ ඉන්දීය රුපියල් ලක්ෂ 5 බැගින් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලටද රුපියල් 50,000 බැගින් තුවාල ලැබූ පුද්ගලයන්ගේ ප්‍රතිකාර සදහාද ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

views

910 Views

Comments

arrow-up