නිවසක් කොල්ල කෑමට ආ හොරා ක්‍රිකට් පහරකින් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

නිවසක් කොල්ල කෑමට ආ හොරා ක්‍රිකට් පහරකින් මරුට

නිවසක් කොල්ල කෑමට ආ හොරා ක්‍රිකට් පහරකින් මරුට

වත්තල ඇවරියවත්ත ප්‍රදේශය නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු නිවැසියන් ක්‍රිකට් පිත්තකින් එල්ලකල පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

 

කොල්ලකරු සොරකම සඳහා පැමිණි විට නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

 

මියගිය පුද්ගලයා කිරිබත්ගොඩ, වත්තල සහ කඩවත ප්‍රදේශ වල සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බවයි වාර්තා වන්නේ.

views

15485 Views

Comments

arrow-up