සුරතල් මසුන් ගෙන යන මුවාවෙන් අධිවේගයෙන් පන්නන්න හැදූ ඩීසල් තොගය මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

සුරතල් මසුන් ගෙන යන මුවාවෙන් අධිවේගයෙන් පන්නන්න හැදූ ඩීසල් තොගය මාට්ටු

සුරතල් මසුන් ගෙන යන මුවාවෙන් අධිවේගයෙන් පන්නන්න හැදූ ඩීසල් තොගය මාට්ටු

සුරතල් මසුන් ප්‍රවාහනය කරන මුවාවෙන් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ඩීසල් තොගයක් දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාගම්පුර පිවිසුමෙන් ලොරි රථයකින් රැගෙන යමින් සිටියදී අධිවේගි මාර්ග පිවිසුමේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

 

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හම්බන්තොට පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකරු ලොරි රථයකින් සුරතල් මසුන් ප්‍රවාහනය කරන මුවාවෙන් ඩීසල් ලීටර් 1500ක් රැගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාගම පිවිසුමෙන් යෑමට පැමිණි අවස්ථාවේ එහි රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් විසින් ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි සඟවා රැගෙන යමින් සිටි ඩීසල් තොගය සොයාගෙන ඇත. 


එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙලිවී ඇත්තේ වැඩි මිලට අලෙවි කිරීමට මෙලෙස ඩීසල් තොගය රැගෙන යමින් සිට ඇති බවයි. 

 

අත්අඩංගුවට පත් ඩීසල් තොගය, ලොරි රථය සමඟ සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා හම්බන්තොට පොලිසියට බාර දුන් අතර සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

284 Views

Comments

arrow-up