බීමත් මගියාගේ නොහික්මුණු පා පහරින් ආරක්ෂක නිලධාරීයාගේ ජීවිතය දුම්රියට බිළිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

බීමත් මගියාගේ නොහික්මුණු පා පහරින් ආරක්ෂක නිලධාරීයාගේ ජීවිතය දුම්රියට බිළිවෙයි

බීමත් මගියාගේ නොහික්මුණු පා පහරින් ආරක්ෂක නිලධාරීයාගේ ජීවිතය දුම්රියට බිළිවෙයි

දුම්රිය මගියෙකුගේ පා පහරට ලක්වූ දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පිටතට විසිවී වැටී මිය ගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.

 

වේයන්ගොඩ වදුරව දුම්රිය ආසන්නයේදී මෙම සිදුවීම වී ඇත.

 

මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ යාගොඩ ගම්පහ ඔරුතොට පාර පදිංචිව සිටි ෂර්ලි ලක්ෂ්මන් දිසානායක නමැති 52 හැවිරිදි දෙදරු පියෙකි.

 

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ නගරාන්තර දුම්රියෙ‍ මගින් දෙදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇතැයිද එසේ නොකරන ලෙස දුම්රිය ආරක්ෂක නිලධාරීන් උපදෙස් දුන් අවස්ථාවේදී ඉන් එක් මගියෙකු එල්ල කල පා පහරින් දුම්රිය ආරක්ෂක නිලධාරියා දුම්රියෙන් පිටතට විසිවී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

මත්පැන් පානය කරමින් දුම්රියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව දුම්රිය ප්‍රවේශපත් පරීක්ෂකවරුන් විසින් සිදුකළ දැනුම්දීමක් මත එහි සිටි දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනා විසින් ඔවුන් පරික්ෂා කිරීමට යාමේදී එම පුද්ගලයින් දෙදෙනා ආරක්ෂක නිලධාරීන් හට බැන වැදීම හේතුවෙන් එහිදී දෙපිරිස අතර යම් බහින්බස් වීමක් සිදුව තිබේ.

 

මොවුන් සතුව දුම්රිය ප්‍රවේශ පත්‍රද නොතිබූ බවත් දුම්රියේ සිටි අනෙක් දුම්රිය ආරක්ෂක නිලධාරියා පොලිසියට දන්වා තිබේ.

 

අනතුරුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා එම දුම්රිය මැදිරියෙන් වෙනත් දුම්රිය මැදිරියකට ගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඉන් එක් අයෙකු දුම්රිය ආරක්ෂක නිලධාරියාට පා පහරක් එල්ල කර ඇති අතර එහිදී එම දුම්රිය ආරක්ෂක නිලධාරියා දුම්රිය දොරෙන් පිටතට විසි වී ඇත.

 

සිද්ධිය වාර්තාවූ වහාම ක්‍රියාත්මක වූ මීරිගම පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් මීරිගම දුම්රිය ස්ථානයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි. 

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා සෙබළකු සහ දුම්රිය මගී භෝජනාගාරයක සේවය කර ඇති බව කියන පුද්ගලයෙකු බව හෙලිවී ඇතැයි පොලීසිය පවසයි.

views

401 Views

Comments

arrow-up