ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉන්දියාවෙන් අත දෙයි

මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට ඉන්දියාව සිය එකඟතාවය පළ කර තිබෙනවා.
ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මේ බව සඳහන් කර ඇත්තේ අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අතර පැවැත්වූ සාකච්ඡාවකදී ය.
මීට අමතරව මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රය දියුණු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආගමික,සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක සංචාර දියුණු කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී යෝජනා වී ඇති අතර එයට එකඟතාවයද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් යළිත් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
328 Views
Comments