රැඳවුම් මධ්‍යස්ථානයක සිටි ඉන්දීය ජාතික කාන්තාවකට ප්‍රහාරයක්

වීසා නොමැති මෙරට රැඳී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රඳවා තබන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට පහරදීමක් සිදුව ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පහරදීම සම්බන්ධව එම මධ්‍යස්ථානයේම රඳවා සිටින 29 හැවිරිදි මැඩගස්කර් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි.
ආගමන විගමන පාලකවරයාගේ අධීක්ෂණයෙන් අදාළ රැඳවුම් මධ්‍යස්ථානය මිරිහාන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබේ.
එහි සිටි 26 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් මෙලෙස පහරකෑමට ලක්ව තිබෙන අතර පහරදීම මධ්‍යස්ථානය තුළදී සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවටගත් කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
833 Views
Comments