දුවට නරක SMS එව්වා කියා අම්මයි තාත්තයි කොල්ලෙකු පැහැරගෙන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

දුවට නරක SMS එව්වා කියා අම්මයි තාත්තයි කොල්ලෙකු පැහැරගෙන

දුවට නරක SMS එව්වා කියා අම්මයි තාත්තයි කොල්ලෙකු පැහැරගෙන

වේයන්ගොඩ ප‍්‍රදේශයේ 16 හැවිරිදි උපකාරක පංතියක සිසුවකු එම පන්තියේ සිසුවියකගේ දෙමාපියන් විසින් පැහැරගෙන යෑමේදී අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප‍්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළකි. 

 

තරුණයා පැහැර ගැනීම සිදුකළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.

 

අදාළ සිසුවා සිය ජංගම දුරකථනය මගින් සිසුවියගේ ජංගම දුරකථනයට පරුෂ වචන අඩංගු SMS යවමින් සිසුවියට සිදුකරන ලද අඩත්තේට්ටම් හේතුවෙන් එම සිසුවියගේ දෙමාපියන් විසින් තරුණයා පැහැරගෙන ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

 

තරුණයා සිය ජංගම දුරකථනය විකිණීමට ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් පළ කර තිබෙනු දුටු සැකකාර දෙමාපියන් එම ජංගම දුරකථනය තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය යැයි පවසා සිසුවා වේයන්ගොඩ ප‍්‍රදේශයට ගෙන්වාගෙන මෙසේ පැහැර ගැනීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

 

 

 

වේයන්ගොඩ - ඉන්දික තුෂාර

views

6884 Views

Comments

arrow-up