වෙළෙදසැල් 112ක් නැවත දැනුම්දෙන තුරු වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

වෙළෙදසැල් 112ක් නැවත දැනුම්දෙන තුරු වසා දැමේ

වෙළෙදසැල් 112ක් නැවත දැනුම්දෙන තුරු වසා දැමේ

පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ වෙළඳ සැල් 112ක් දින නියමයක් නොමැතිව වසා දැමීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් අද (05) තීරණය කළේය.

 

ඒ අනුව මාරස්ස නගරයේ වෙළඳසැල් විශාල ප්‍රමාණයක් හා අවට ගම්වල වෙළඳසැල් ද වසා දමා ඇත.

 

කොවිඩ්-19 වෛරස ආසාදිත රෝගීන් තිදෙනෙකු අද දිනය තුළ හමුවීමත් සමග ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මෙම තීරණය ගෙන ඇත.

 

මොවුන්ගෙන් දෙදෙනෙකු මාළු ව්‍යාපාරිකයකුගේ සහායකයින් වන අතර, එම ව්‍යාපාරිකයා ද මීට පෙර කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු පුද්ගලයෙකි.

 

අද දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා මෙම සහායකයෙකුගේ බිරිදක් වේ. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන් නිවෙස් තුළම නිරෝධායනයට යොමු කර ඇත.

 

views

2503 Views

Comments

arrow-up