කොටි වළදැමූ රන් සොයන්න ගිය ලු‍තිනන් ඇතුලු හතරක් එස්.ටී.එෆ් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

කොටි වළදැමූ රන් සොයන්න ගිය ලු‍තිනන් ඇතුලු හතරක් එස්.ටී.එෆ් දැලේ

කොටි වළදැමූ රන් සොයන්න ගිය ලු‍තිනන් ඇතුලු හතරක් එස්.ටී.එෆ් දැලේ

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේ වලදමා ඇති බවට සැකකරන අවි ආයුධ සහ රන් රං සොයමින් සිටි බවට සැක කරන යුද හමුදා ලුතිනන්වරයකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු තල්පාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

 

සැකකාර යුද හමුදා ලුතිනන්වරයා අති සංවේදී ස්කෑන් යන්ත්‍ර මගින් අවි ආයුධ සහ රත්තරන් සොයා ඇති බව විමසන වලදී අනාවරණය වී ඇත.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 49 ක් වන යුධ හමුදා ලුතිනන් වරයකු සහ කඩුවෙල, වව්නියාව, අනුරාධපුර ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 29 ත් 62 ත් අතර පුද්ගලයන් තිදෙනෙකු  බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

views

233 Views

Comments

arrow-up