JUL
24
බාල වයස්කාර දැරියන් දෙදෙනා අපයෝජනය කල බාලවයස්කාර ලමුන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාඋල ප්‍රදේශයේ දී අවුරුදු 12 සහ අවුරුදු 08 බාල වයස්කාර ගැහැණු දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජනයක් සිදුකල ළමුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි.
සැකකරුවන් අවුරුදු 15 සහ 16 වයස් වල පසුවන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සැකකරුවන් දෙදෙනා නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසියේ විශේෂ නිලධාරින්
කණ්ඩායමක් වැඩි දුර විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
2129 Views
Comments