ප්‍රංශ සිහින පෙන්නා මුදල් ගැරූ අයෙක් දැලේ

ප්‍රංශයට යවන බව පවසා තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් සහ ගුවන් ගමන් බලපත්‍ර වංචනිකව ලබා ගත් පුද්ගලයෙකු කටුනායක පොලිසිය අද (06) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන් වේ.
මොහුට එරෙහිව කටුනායක පොලිසියට පැමිණිලි 08 ක් ලැබී ඇති අතර, පොළොන්නරුව, වීරඟුල, රාගම ඇතුළු පොලිස් ස්ථාන රැසකටද ඔහු පිළිබඳ පැමිණිලි ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
300 Views
Comments