NOV
04
කෝටි 7ක මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

රුපියල් කෝටි හතක් පමණ වටිනා මත් ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.
පසුගිය කාලය තුළ දී එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, ඇමරිකාව, බෙල්ජියම සහ නෙදර්ලන්තය වැනි රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත මෙම සැක සහිත මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් තොගය එවා තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය අතර කුෂ් ග්‍රෑම් 925 ක්, අයිස් ග්‍රෑම් 106ක්, කංසා ඇට වලින් නිස්සාරණය කරන ලද තෙල් ලීටරයක, මත් මුද්දර 425ක්, මැන්ඩි ග්‍රෑම් දෙකක් සහ හශීශ් ග්‍රෑම් හතරක් හමුවී තිබෙනවා.
243 Views
Comments