මුහුණු ආවරණ භාවිතය අද සිට ඉවත් කරයි - පැළඳීම ඔබේ යුතුකමක් !
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

මුහුණු ආවරණ භාවිතය අද සිට ඉවත් කරයි - පැළඳීම ඔබේ යුතුකමක් !

මුහුණු ආවරණ භාවිතය අද සිට ඉවත් කරයි - පැළඳීම ඔබේ යුතුකමක් !

අද සිට පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී සහ ගුහස්ත උත්සව අවස්ථාවලදී හැරුණු විට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවා.

 

අප කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර Covid-19 වසංගත තත්ත්වය පැතිරීම බොහෝදුරට පාලනය කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

 

කෙසේ නමුත් රට තුළ මතු වී ඇති ඖෂධ හිඟය සහ සෞඛ්‍යමය හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව ස්වයං විනය පවත්වා ගනිමින් තමා විසින්ම මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් ඉදිරියට කරගෙන යාම උචිත බවයි වෛද්‍ය අංශ පෙන්වා දෙන්නේ.

views

936 Views

Comments

arrow-up