ඕලන්ද හිමිනම අභිරහස් ලෙස අපවත්වීම පිළිබද රහස් පොලිසිය විමර්ශන අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ඕලන්ද හිමිනම අභිරහස් ලෙස අපවත්වීම පිළිබද රහස් පොලිසිය විමර්ශන අරඹයි

ඕලන්ද හිමිනම අභිරහස් ලෙස අපවත්වීම පිළිබද රහස් පොලිසිය විමර්ශන අරඹයි

රත්ගම, පොල්ගස්දූව ආරන්‍ය සේනාසනයේ වැඩ සිටි ඕලන්ද ජාතික හිමිනමගේ අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් මත වහාම විමර්ශන කටයුතු ආරම්භ වුණා.

 

අපවත් වනවිට 60 හැවිරිදි වියෙහි පසුවූ උන්වහන්සේගේ මෘතදේහය පිළිබඳ මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය රෝහලේදී සිදු කෙරුණා.‍

 

නෙදර්ලන්තයේ ජිනරතන නමින් පැවිදිව වැඩ වාසය කළ උන් වහන්සේ දින දෙකක් අතුරුදන්ව සිට දේහය දින කිහිපයකට පෙර රත්ගම කලපුවේ තිබී සොයා ගැණුනා.‍‍

 

ජිනරතන හිමිගේ දේහයේ අතපය ගැටගසා බෙල්ලේ ගලක් ද ගැට ගසා තිබූ බවයි වාර්තා වන්නේ

 

 

 

 

views

582 Views

Comments

arrow-up