බදුල්ල මාරක බස් අනතුරක් - 35කට තුවාල - 03ක් ජීවිතක්‍ෂයට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

බදුල්ල මාරක බස් අනතුරක් - 35කට තුවාල - 03ක් ජීවිතක්‍ෂයට (PHOTOS)

බදුල්ල මාරක බස් අනතුරක් - 35කට තුවාල - 03ක් ජීවිතක්‍ෂයට (PHOTOS)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) උදෑසන 7.45ට  පමණ පෙරළීගොස් තිබේ.

 

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි  මාර්ගයේ පෙරළීගොස් අනතුර සිදුවී ඇත.

 

බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

 

ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් ඇතුළු 41 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන්කරමින් සිට තිබේ.

 

අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළගොස් ඇත.

 

තවත් 06 දෙනෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

 

 

 

 

 

views

239 Views

Comments

arrow-up