බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

කොස්ලන්ද, අක්කරසිය ප්‍රදේශයේ දී ඊයේ(23) බඳින තුවක්කුවක් පත්තු වී 30 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ කොස්ලන්ද, වෙලන්විට, අක්කරසිය පදිංචිව සිටි උඩවෙල බාලගේ ඉන්දික සම්පත් නැමැති 30හැවිරිදි පුද්ගලයෙකි.
නිවස අසල කැලෑ රොදක තිබී හමුවූ මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පරික්‍ෂණයකදී බඳින තුවක්කුවකින් වෙඩි වැදී ඇති බවට පොලිස් විමර්ශනවලදී හඳුනාගෙන ඇත.
නිවසට ජලය ගෙන ඒමට ඇළට යන අවස්ථාවේදී පුතා බිම වැටී සිටිනු දැක මව පොලීසියට දන්වා තිබේ.
බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති අතර කොස්ලන්ද පොලිසි පරීක්ෂණ පවත්වයි.
687 Views
Comments