උදයංග වීරතුංගගේ විදෙස් ගමන් තහනම ඉවතට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන බලධාරීන්ට අද නියෝග කර තිබේ.
විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවන ලෙස උදයංග වීරතුංග මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර නීතිඥවරයා විසින්, උදයංග වීරතුංග මහතා රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදීද මූලික වී කටයුතු කළ බව අධිකරණයට දැනුම් දී ඇත.
වීරතුංග මහතාට එරෙහිව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබුණේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 14 ක් වන මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙනි.
ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානා 7 ක් මිලදී ගැනීමේ දී සිදු වූ බව කියන මූල්‍ය වංචාව හෙළි වීම හේතුවෙන්ය.
265 Views
Comments