ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික තරුණිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික තරුණිය

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික තරුණිය

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබේ.

 

ඇය එරට ෆෙඩරල් පාර්ලිමේන්තුවට පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාවයි.

 

කම්කරු පක්‍ෂය නියෝජනය කරමින් ඇය ඡන්ද 10455ක් ලබාගනිමින් හෝල්ට් ආසනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට පත්ව ඇති අතර ඇය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 57.7% ක්වේ.

 

තම දෙමවුපියන් සමඟ වර්ෂ 1999දී ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචියට ගොස් ඇති කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ආහාර සැකසුම් ක්‍ෂේත්‍රයේ නිරත 34 වියැති තරුණියකි.

 

මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ජයගත්තේද කම්කරු පක්‍ෂයයි.

views

608 Views

Comments

arrow-up