අලිවැටේ පැටලී මියගිය පුද්ගලයාට කොවිඩ්

වනඅලින්ගෙන් අරක්ෂාවීමට සකස්කර තිබූ විදුලිවැටක පැටලී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
වගාබිම් ආරක්ෂා කිරීමට සකස්කර තිබූ අලිවැටක එම පුද්ගලයා පසුගිය 02වනදා පැටලී අනතුරට ලක්වී තිබුණි.
අනතුරුව පුත්තලම මූලික රෝහලේදී දේහය සම්බන්ධව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවටද අනාවරණය වී තිබේ.
මියගොස් තිබෙන්නේ නවගත්තේගම -කුරුකැටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. ප්‍රියන්ත හේවාවසම් නැමැති 61 හැවිරිදි පුද්ගලයෙකි.
නවගත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
825 Views
Comments