නැගෙනහිර අවදානමට පෙර සූදානම් වෙයි

"බුරවි" සුළිකුණාටුව අද පස්වරුවේ නැගෙනහිර වෙරළට පැමිණෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමත් සමග නැගෙනහිර පළාත අවදානමට මුහුණ දීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
නැගෙනහිර පලාත් ප්‍රධාන ලේකම් තුසිත වනිගසිංහ මහතා සඳහන් කරන්නේ වෙරළ ආසන්න ප්‍රදේශවල ජීවත්වෙන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යැවීම සඳහා දැනටමත් කටයුතු යොදා ඇති බවයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඊයේ සඳහන් කළ පරිදි දින තුනක් පාසල් වසා තැබෙන නිසා පාසල් වල අවතැන් කඳවුරු ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද තුසිත වනිගසිංහ මහතා ප්‍රකාශ කළා.
ත්‍රිවිධ හමුදාව පොලිසිය ආපදා කළමනාකරණ අංශය ඒකාබද්ධව මේ සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
655 Views
Comments