ඊයේ කොරෝනා ආසාදිතයන් 459 න් 259 ක් කොළඹින්

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඞ් ආසාදිතයන් 459 දෙනා අතුරින් 259 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කලුතර දිස්ත්‍රික්කයෙන් 78 ක්
– ගම්පහ දිස්ත්‍රික්කයෙන් 23 දෙනෙකු හා මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වු 16 දෙනෙකු ඊයේ ආසාදිතයන් අතරට අයත්.
ගාල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්වලින් ඊයේ වාර්තා වී ඇත්තේ කොවිඞ් ආසාදිතයන් 04 දෙනා බැගිනුයි.
යාපනය – මාතර – රත්නපුර සහ අනුරාධපුර දිස්ත්‍රික්වලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී තිබෙනවා.
මේ අනුව පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඞ් ආසාදිතයන් 7467 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 6065 දෙනෙකු මෙන්ම කලුතර දිස්ත්‍රික්කයෙන් 748 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියාසිටියේ.
පොලිසියේ 19 දෙනෙකු හා පොලිස් විශේෂ කාර්ය බලකායේ 17 දෙනෙකුද ගතවූ පැය 24 තුළ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්.
බන්ධනාගාරවලින් 24 දෙනෙකු, වෙනත් 10 දෙනෙකු හා විදේශයන්ගෙන් පැමිණි එක් අයෙකුද ඊයේ ආසාදිතයන් අතර වන බවයි කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.
මේ අනුව පසුගිය ඔක්තෝබර් 04 වනදායින් පසු පොලිසියේ 825 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බලකායේ 225 දෙනෙකු සහ බන්ධනාගාරවලින් 708 දෙනෙකු කොවිඞ් ආසාදිතයන් ලෙස වාර්තා වී තිබෙනවා.
654 Views
Comments