NOV
18
කැලණි ගඟ දකුණු ඉවුර ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට

කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත් කෙරේ.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිලිණ විජේතුංග මහතා පැවසුවේ, මෙම ව්‍යාපෘතිය මගින් ජල සම්බන්ධතා තුන් ලක්ෂ හතලිස් දහසක් සඳහා ජලය සැපයෙන බවයි.
බියගම, පට්ටිවිල පිහිටි මෙම ව්‍යාපෘතිය අද විවෘත කෙරෙන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී ය.
663 Views
Comments