සතුන්ටත් පී. සී. ආර් කරන්න යයි

මෙරටේ විශේෂයෙන්ම මිනිසා හා ගැටෙන සතුන්ට කොවිඩ් වෛරසය වැළදී ඇත්තයි පරීක්ෂා කිරීමට පශු වෛද්‍ය විශේෂ කණ්ඩායමක් පත්කළ බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි
මෙයට මූලික හේතුව වී ඇත්තෙ කොරෝනා වෛරසය දෙහිව සත්වෝද්‍යානයේ "තෝර්" නැමති පිරිමි සිංහයා හට බ්‍රිතාන්‍යයේ පැතිර යන ඇල්ෆා වෛරස් ප්‍රභේදය ආසාධනය වීමයි.එම සත්වයා මේ වන විට යහපත් සෞඛ්‍යතත්වයෙන් පසුවන බවටද දෙහිවල සත්වෝද්‍යානයේ අනෙක් සතුන් ආරක්ෂිතව සිටින බවටද ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.
සතුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා පත්කෙරුණු පශු වෛද්‍ය කණ්ඩායමට මෙරට සතුන් සම්බන්ධ සියලුම ආයතනවල පශු වෛද්‍යවරුන් ඇතුළත් වන බව කී කොතලාවල මහත්මිය එම කණ්ඩායම දැනටමත් කොරෝනා ආසාදනයවූ සතුන් ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ අරඹා ඇතැයිද පැවසුවාය.මීට අමතරව විදේශයෙන් ගෙන එන සතුන් සදහාද PCR පරීක්ෂණ සිදු කරන බව වැඩිදුරටත් එතුමිය පැවසීය.
778 Views
Comments