අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලේඛනවලට ජනපති අත්සන් තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලේඛනවලට ජනපති අත්සන් තබයි

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලේඛනවලට ජනපති අත්සන් තබයි

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපිලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (06) අත්සන් තැබුවා.

 

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබෙනවා.

 

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම සියලු ලිපිලේඛන අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් වූ අතර අනතුරු ව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් එම ලිපි ලේඛන සහතික කරනු ලැබුවා.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කෙරෙනවා.

views

606 Views

Comments

arrow-up