ජනපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දී පැවැත්වුණි.
ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය දෙන බව බැසිල් රාජපක්ෂ මහතා එහි දී සඳහන් කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂිතව යළි දිවයිනට පැමිණීම සඳහා කඩිනමින් අවකාශය සැලකිය යුතු බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම එය බව ද ඒ මහතා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
256 Views
Comments