මත් කුඩු විකුණූ පිය පුතු දෙපළ පොලිස් දැලේ

මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් සහ පාසලක් අසල නිවසක් වටලා මත්ද්‍රව්‍ය සමඟ පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.
සැකකරුවන් සතුව තිබී මාවා මත්ද්‍රව්‍ය කිලෝ දෙකක්, ගංජා ග්‍රෑම් 50ක්, මත්පැන් බෝතල් නවයක්, විදේශීය දුම්වැටි බන්ඩල් 2 කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
මෙම සැකකාර පිය පුතු දෙදෙනා පෞද්ගලික විශ්ව විද්‍යාලයට සහ පාසලට පැමිණෙන සිසුන් සහ තරුණයින් ඉලක්ක කරගනිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ කලක සිට යෙදී ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37 සහ 62 අතර පසුවන්නන් වන අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිසිය වෙත භාරදී ඇත.
741 Views
Comments