ජනතාවට අවශ්‍ය ජීවත්වීමේ මංතීරුව, ඇවිදින මංතීරු නොවෙයි - විපක්‍ෂ නායක
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

ජනතාවට අවශ්‍ය ජීවත්වීමේ මංතීරුව, ඇවිදින මංතීරු නොවෙයි - විපක්‍ෂ නායක

ජනතාවට අවශ්‍ය ජීවත්වීමේ මංතීරුව, ඇවිදින මංතීරු නොවෙයි - විපක්‍ෂ නායක

මහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොලොත්භාවයක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

 

ජනතාවට අවශ්‍ය ජීවත්වීමේ මංතීරුව මිස ඇවිදින මංතීරු නොවන බව ආණ්ඩුව තේරුම් ගතයුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

 

දරුවන්ගේ අධ්‍යාපනය නංවන මන්තීරුව, ගොවි ජනතාවට තමන්ගේ කෘෂිකර්මාන්තය ගොඩනඟන මන්තීරුව, ජීවත්වීමේ මාර්ග අහිමිවුණු මිනිස්සුන්ට ජීවත්වීමේ මන්තීරුව සකස් කිරීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

 

පොතුවිල් මූලික රෝහලේදී විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනේ 28 වන අදියරට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කලේය.

views

728 Views

Comments

arrow-up