නිවසේ ඇති වු ගින්නෙන් එක්තැන්ව සිටි පුද්ගලයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

නිවසේ ඇති වු ගින්නෙන් එක්තැන්ව සිටි පුද්ගලයෙක් මරුට

නිවසේ ඇති වු ගින්නෙන් එක්තැන්ව සිටි පුද්ගලයෙක් මරුට

වනාතවිල්ලු‍ව, සේරක්කුලිය ප්‍රදේශයේ නිවසක හදිසියේ ඇති වු ගින්නකින් එහි සිටි පුද්ගයෙකු මිය ගොස් ඇතැයි වනාතවිල්ලු‍ව පොලීසිය කියයි.

 

පොලීසිය සඳහන් කළේ එම නිවසේ එක්තැන්ව සිටි වයෝවෘධ පුද්ගලයෙක් ගින්නට හසුව පිළිස්සී මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

 

මියගොස් ඇත්තේ වයස අවුරුදු 97ක් වන පුද්ගලයෙක් වන අතර පොලීසියට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට යනවිටත් ප්‍රදේශවාසින් ගින්න මැඩ පවත්වා තිබේ.

 

වනාතවිල්ලු‍ව පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.

views

757 Views

Comments

arrow-up