ගිං ගං පතුලේ සැඟවුණු සිසුවාගේ සිරුර හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

ගිං ගං පතුලේ සැඟවුණු සිසුවාගේ සිරුර හමුවෙයි

ගිං ගං පතුලේ සැඟවුණු සිසුවාගේ සිරුර හමුවෙයි

ගිං ගඟේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ සිසුවාගේ සිරුර ඊයේ (06) පස්වරුවේ ගොඩගත් බව නෙළුව පොලිසිය පවසයි.

 

නෙළුව කඩහිංගල ජනපදය ප්‍රදේශයේ පදිංචි ජනිදු සුරේන්ද්‍ර නැමැති සිසුවෙක් මෙලෙස මියගොස් ඇත.

 

අදාළ සිසුවා මෙවවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව හිඳ තිබේ.

 

සිසුවා ඊයේ පස්වරුවේ සිය මිතුරන් සමග ප්‍රදේශය ආසන්නයේ ඇති ගිං ගඟේ දිය නෑමට ගොස් තිබේ.

 

එහිදී ගඟ හරහා ගමන් කිරීමට ගත් උත්සාහයේදී දියවැලකට හසුව ගසාගෙන ගොස් තිබේ.

 

එහිදී අතුරුදන් වූ සිසුවා සොයා නෙළුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව මෙහෙයුමක් ද දියත් කර කෙරිණි.

views

213 Views

Comments

arrow-up