සෙල්ලමට ගල් ගහලා - පාසලේ සිසුන් 100ක් බඹරු කාලා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

සෙල්ලමට ගල් ගහලා - පාසලේ සිසුන් 100ක් බඹරු කාලා

සෙල්ලමට ගල් ගහලා - පාසලේ සිසුන් 100ක් බඹරු කාලා

දෙනියාය අධ්‍යාපන කලාපයේ පට්ටිගල පර්සි අබේවර්ධන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුන් 100 දෙනකු පමණ බඹර ප්‍රහාරයකට ලක්ව 30 වැනිදා දහවල් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

 

ප්‍රහාරයට ලක්වූ සිසුන් සියලු දෙනා කඩිනමින් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර, ඉන් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යැවීමට පියවර ගෙන තිබිණි. ඉන් 7දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 

සිසුන් 70 දෙනකු ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, අනෙක් සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබිණි.

 

පාසල අසල ඉඩමක ගසක තිබූ බඹර කූඩයකට පාසල් දරුවන් ගල් ගසා ඇවිස්සීමෙන් පාසල් සිසුන් මෙන්ම පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දෙදෙනකු ද ප්‍රහාරයට ලක්ව තිබිණි.

 

පසුව ගුරුවරුන් සහ එම වේලාවේ පාසලේ සිටි දෙමාපියන් විසින් දරුවන් කඩිනමින් ආරක්ෂිත පන්ති කාමරවලට, විදුහල්පති කාමරයට මෙන්ම පරිගණක ඒකකයට යවා එළියේ ගිනිමැල ගසා බඹරුන් පලවා හැරීමට කටයුතු කර තිබිණි.

views

202 Views

Comments

arrow-up