පන්සලේ ලයිටි බිල ලක්ෂ පහහමාරයි

විහාරස්ථානයක් මාසයකදී විදුලි ඒකක 8,500 ක් පාවිච්චි කිරීම නිසා රුපියල් ලක්‍ෂ පහමාරක විදුලි බිලක් ලැබී ඇති බවත් මෙවැනි ආකාරයට දැවැන්ත විදුලි පරිභෝජනයක් කරන ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
එම විහාරස්ථානයේ පසුගිය මස විදුලි බිල රුපියල් 80,000 ක් යැයි එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් යොමුකර ඇති බව කී රත්නායක මහතා කොළඹ 7 පිහිටි කාමර 35 කින් යුත් සිය හෝටලයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 7,500 ක් පමණක් බව ද සඳහන් කළේය.
මෙවැනි විශාල පරිභෝජනයක් ඇති ස්ථානවලට ලක්‍ෂ 5 කට වඩා වැඩි බිලක් ලැබීම වැලැක්විය නොහැකි බව කී රත්නායක මහතා සඳහන් කළේ පන්සල්වලට සහනාධාර දීම රජයේ කටයුත්තක් බවත්ය.
සමස්ත රට තුළ ඇති ආගමික ස්ථාන 48,500 ක පමණ සංඛ්‍යාවෙන් සියයට 75 ක් පමණ ඒකක 180 කට අඩු විදුලි පරිභෝජනයක් ඇති ඒවා බවත් සියයට 25 ක් පමණ වන විශාල පරිභෝජනයක් ඇති ස්ථාන ගැටලුවක් බවට පත්ව ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් කීය.
219 Views
Comments