මුහුදේ නාන්න ගිය තරුණයින් පිරිසක් මහ මුහුදට බිලි

කැපුන්ගොඩ නැංගුරම් තොටුපළ වෙරළ තීරයේදී ඊයේ දිය නාමින් සිටි තරුණයින් 5 දෙනෙකු රළ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
ප්‍රදේශවාසීන් විසින් ඉන් සිව් දෙනකු මුදවා ගෙන ඇති අතර එක් අයෙකු අතුරුදහන් වී තිබෙනවා.
මුදා ගත් පිරිස රෝහල් ගත කර ඇති අතර එහිදී තවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.
සෙසු දෙදෙනා ප්‍රතිකාර ලබා ලබා ගැනීමෙන් අනතුරුව රෝහලේ පිටව ගොස් තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 සහ 23 වියෙහි පසුවන තරුණයින් දෙදෙනෙකි.
948 Views
Comments