APR
25
පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇමැති විජිත යයි

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) වතිකානය බලා පිටත්ව ගොස් තිබේ.
අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉටිහාඩ් ගුවන් සේවයට අයත් යානයකින් අමාත්‍යවරයා අබුඩාබි ගුවන්තොටුපොළ වෙත ගොස් එතැන් සිට තවත් ගුවන්යානයකින් වතිකානය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.
73 Views
Comments