පොත් 09ක් ලියූ ලේඛකයෙක්වූ හිටපු ග්‍රාමසේවක සියදිවි හානිකරගනී

කතරගම ප්‍රදේශයේ සේවය කළ විශ්‍රාමික ග්‍රාමසේවා නිලධාරියකු වූ අනුර වික්‍රමසිංහ මහතා (66) සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන පෙරේදා (07) රාත්‍රී ජීවිතක්ෂයට පත්වී තිබේ. කතරගම කඳසුරිඳුගම පිහිටි එම මහතාගේ නිවසේ කාමරයක් තුළ මෙසේ සිය දිවි හානි කරගෙන ඇත.
කතරගම සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක ග්‍රාමසේවා නිලධාරියකු ලෙස අනුර වික්‍රමසිංහ මහතා සේවය කර තිබේ.
පසුගියදා කතරගමට නව මත්පැන්හලක් ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අනුර වික්‍රමසිංහ මහතා ලේඛකයකු ලෙස පොත් 09ක් රචනා කර තිබේ.
කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතාගේ සහ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසෝක වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොයුරාය. මෙම මරණය සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
141 Views
Comments